ප්‍රමුඛ පුවත 1

දිවයිනේ ප්‍රදේශ රැසකට සහන – පුද්ගලයින් 2ක් මියයයි

(UTV | කොළඹ) – මේ දිනවල ශ්‍රී ලංකාවට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට සහන කණ්ඩායම් ස්ථාපිත කිරීමට නාවික හමුදාව මේවන විට කටයුතු කර ඇතැයි නවික හමුදාව පවසයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව මේ දිනවල දිවයිනට බලපා ඇති අයහපත් කලගුණ තත්වයට මුහුණ දීමට සහන කණ්ඩයම් රැසක් ප්‍රදේශ රැසක අනුයුක්ත කිරීමට කටයුතු කර තිබේ.

ඒ අනුව, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ උපදෙස් මත මුළු දිවයිනම ආවරණය වන පරිදි නාවික විධානයන් තුල හදිසි අවස්ථාවන්ට මුහුණ දීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් සුදානම්ය.

ඒ සඳහා හදිසි අපදාවන් වලදී සහන සැලසීම වෙනුවෙන් පුහුණුව ලත් නාවික හමුදා මැරීන් බලකාය, නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකය (4ර්‍U), විශේෂ යාත්‍රා බලඝණය සහ නාවික හමුදා කිමිදුම් අංශය ඇතුළු නාවික පුද්ගලයින්ගෙන් සමන්විත සහන සැළසීමේ කණ්ඩායම් රැසක් මේ සඳහා සුදානම් කර ඇත.

මිට අමතරව දිවයිනේ දිස්ත්‍රික්ක 12 කට බලපා ඇති අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, පීඩාවට පත් පුද්ගලයින් 4284 ක් ආරක්ෂිත ස්ථාන 44 ක රඳවා ඇති බවයි.

පවතින අධික වර්ෂාවත් සමග වාරිමාර්ග ජලාශ 40 ක් වාන් දමමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ජානකී මීගස්තැන්න මහත්මිය සඳහන් කළේ, තබ්බෝව ජලාශය පහළ ජනතාවට ප්‍රදේශයෙන් ඉවත් වන්නැයි දැනුම් දී ඇති බවයි..

මේ අතර අධික වැසි සමග දිස්ත්‍රික් 06 කට නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් ක්‍රියාත්මකයි.

ඒ අනුව මාතලේ,මහනුවර , නුවරඑළිය ,බදුල්ල , මොණරාගල හා රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා වලංගු වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

IOC ඉන්ධන මිලත් වැඩි වෙයි

Mohamed Dilsad

ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

මෙරට පාසල් සංඛ්‍යාව 1000 ක් දක්වා වැඩි කිරීමට තීරණයක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment