ප්‍රමුඛ පුවත 1

පුද්ගලයන් 64,608 ක් පීඩාවට – වැඩිම බලපෑම මඩකලපුව දිස්ත්‍රික්කයෙන්

 

(UTV | කොළඹ) –  මේ දිනවල දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් 13 ක පවුල් 18,840 කට අයත් පුද්ගලයින් 64,608 ක් තවදුරටත් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

අයහපත් කාළගුණය හේතුවෙන් වැඩිම බලපෑමට ලක්ව ඇත්තේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ජනතාවයි.

අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක්වූ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 111 ක පවුල් 4920 කට අයත් පුද්ගලයින් 16755 ක් පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

මාතලේ , මහනුවර , නුවරඑළිය , බදුල්ල , මොණරාගල සහ රත්නපුර දිස්ත්‍රික්වලට පැණවූ නායයාමේ අනතුරු ඇගවීම් අද (23) පස්වරුව තෙක් බලාත්මකව පවතී.

අයහපත් කාළගුණය හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති අතර අම්පාර දිස්ත්‍රික්කයේ අයෙකු අතුරුදන්වී තිබේ.

අධික වැසි තත්ත්වය සමග දුම්රිය මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් මඩකලපුව හා ත්‍රිකුණාමලය අතර දුම්රිය ධාවනය අද දිනයේත් සිදු නොවන බව දුම්රිය පාළක මැදිරිය දැනුම් දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නවීන පහසුකම් රැසකින් හෙබි S13 දුම්රිය කොළඹට

Mohamed Dilsad

නව අගවිනිසුරුවරයෙකු, වැඩ බලන පොලිස්පතිවරයෙකු, වැඩ බලන නීතිපතිවරයෙකු සහ විගණකාධිපතිවරයෙක් පත් කෙරේ

Mohamed Dilsad

අද මධ්‍යම රාති‍්‍රයේ සිට ඉන්ධන මිල සංශෝධනයට

Mohamed Dilsad

Leave a Comment