දේශීයප්‍රමුඛ පුවත 1

උත්සව සමයේ සහන මිලට සහල්

(UTV | කොළඹ) – එළඹෙන උත්සව සමයේදී ජනතාවට සහන මිලට සහල් ලබාදීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය සුදානම් වේ.

අද(24) පස්වරුවේ රැස්වූ ජීවන වියදම් කමිටුවේදී මෙම තීරණය ගෙන ඇත.

රජයේ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසන්නේ මේ දිනවල පවතින පවතින අධික සහල් මිල ගැන ජීවින වියදම් කමිටුවේ දී ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ අවධානය යොමු වු බවයි.

ඒ අනුව ජනතාවට දැනෙන ලෙස සහල් මිල අඩු කිරිමට අවශ්‍ය තීරණ රැසක් ගනු ලැබූ බවත් ඔහු පැවසීය.

සියලූම ප්‍රධාන වී මෝල සතුව ඇති සහල් රජයෙන් මිලදී ගැනීමටත්, ඒ තුළින් හිඟයකින් තොරව සහනදායි මිලට ජනතාවට සහල් ලබා දීමට අවශ්‍ය තීන්දු ගනු ලැබු බවත් පැවසු අමාත්‍යවරයා, සහල් වඩාත් සාධාරණ මිලකට ලබා දීමට ඉදිරි දින කීපයේ දී කටයුතු කරනු ඇතැයි ද කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උමා ඔය ව්‍යාපෘතියේ ව්‍යාපෘති කීපයක් ජනතා අයිතියට පවරයි

Mohamed Dilsad

ස්වර්ණාභරණ උකස් අත්තිකාරම් සඳහා උපරිම පොලී අනුපාත පනවයි

Mohamed Dilsad

ජම්බුගස්මුල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment