ප්‍රමුඛ පුවත 1

කේරළ ගංජා සමඟ පුද්ගලයින් 3 ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – පුත්තලම, මොල්ලිපුරම් වෙරළ ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 80 කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ නාවික හමුදාව විසින් පුත්තලම, මොල්ලිපුරම් වෙරළ තීරය අවට සිදුකරන ලද මෙහෙයුමකින් අනතුරුවයි.

මෙහිදී සැක කටයුතු පුද්ගලයින් තිදෙනෙකු නිරීක්ෂණය කර ඇති අතර, එම පුද්ගලයන් පරික්ෂා කිරිමේදී ඔවුන් ලඟ තිබී මෙම කේරළ ගංජා 80.25 ක ප්‍රමාණය සොයාගෙන තිබේ.

තවද ඔවුන් සතුව තිබු වල්ලමක් හා යතුරු පැදියක්ද නාවික හමුදා බාරයට ගෙන ඇත.

නාවික හමුදා බාරයට ගත් මෙම පුද්ගලයින්ගේ වයස අවුරුදු 32, 38 සහ 47 යන වයස්වල පසුවන පුත්තලම සහ මොල්ලිපුරම් ප්‍රදේශ වල පදිංචිකරුවන් වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කල්මුනේ තිබී පුද්ගල මල සිරුරු 15ක් සොයා ගනී

Mohamed Dilsad

සජිත් ගීත කොකිලවියගේ සුව දුක් විමසීමට යයි [VIDEO]

Mohamed Dilsad

හදිසි අවස්තාවකදී දැනුම් දෙන්න – ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ජනතාවගෙන් ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment