(UTV | කොළඹ) – ශිෂ්‍යත්ව විභාගය සමතුන්ට ශිෂ්‍යාධාර මුදල් ගෙවීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂමව සිදුකිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මේ වනවිට ශිෂ්‍යාධාර දීමනාව සඳහා සුදුසුකම් ලබා සිටින සියලු පාසල් සිසුන්ගේ සවිස්තරාත්මක දත්ත පද්ධතියක් සකස් කර ඇති අතර , එම දත්ත පද්ධතිය ඇසුරෙන් සෑම මසකම 10 වැනි දින වනවිට සිසුන්ගේ බැංකු ගිණුම් වෙත (Online) ක්‍රමයට මුදල් බැර කරනු ලැබේ.
පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට සෑම වසරකදී ම සිසුන් 350,000 කට ආසන්න පිරිසක් පෙනී සිටී.
මේ වනවිට ඔවුන් අතරින් ශිෂ්‍යත්වය සමත් අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් 20,000 කට පමණ ශිෂ්‍යාධාර ලබාදීම සිදු කෙරේ.
මෙහිදී පැවති ගැටළු සහ ප්‍රමාදයන් මෙම Online ක්‍රමය මඟින් විසඳෙන අතර, එමගින් අදාළ ශිෂ්‍යාධාර මුදල් අපහසුවකින් තොරව සිසුන්ගේ ගිණුමට සෘජුවම ලබාදීමට හැකියාව ලැබෙනු ඇත.
ඒ අනුව, 2020 වර්ෂයේ ජනවාරී මස සිට රජයේ සියලුම පාසල්වල සහ පිරිවෙන්වලත්, පෞද්ගලික හා රජයේ ආධාර ලබන පාසල්වලත් පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව සමත් ශිෂ්‍යාධාර සුදුසුකම් ලබන සිසුන් සඳහා Online ක්‍රමයට ශිෂ්‍යාධාර ලබා දීම සිදුකරනු ලැබේ.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]