විදෙස්

දිල්ලි නුවර යළිත් අධික මීදුම

(UTV | කොළඹ) – අධික මීදුම් තත්ත්වයක් හේතුවෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර කටයුතු වලට බාධා එල්ලවී තිබේ.

විශේෂයෙන් රථ වාහන පද්ධතියට බාධා එල්ල වී ඇත.

ඉන්දිරා ගාන්ධි ගුවන් තොටුපළේ ගුවන් ගමන් 04ක් අවලංගුකිරීමට සහ තවත් ගුවන් ගමන් 19ක් හරවා යැවීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මීට අමතරව දුම්රිය ගමන් 30කට අධික ප්‍රමාණයකට ද බාධා එල්ල වී තිබේ.

අධික මීදුම් තත්ත්වය හේතුවෙන් දිල්ලි කාලගුණ කාර්යාලය විසින් රතු නිවේදන නිකුත් කිරීමට පියවර ගෙන ඇති අතර රථවාහන ධාවනයේදී සැළකිලිමත් වන ලෙස උපදෙස් ලබාදී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හොංකොං විරෝධතාකරුවන්ට ඇමරිකානු ජනපතිගෙන් සහය

Mohamed Dilsad

වික්ටෝරියා ප්‍රාන්තය දින 5 කට වැසෙයි

Mohamed Dilsad

මාස 2ක් තුළ චීනයේ මරණ මිලියන 2ක්

Mohamed Dilsad

Leave a Comment