ප්‍රමුඛ පුවත 1

හෙට සිට රාජ්‍ය සේවක වැටුප් ඉහළට

(UTV | කොළඹ) – 2016 චක්‍රලේඛය යටතේ රාජ්‍ය සේවකයින්ගේ මුලික වැටුප හෙට(01) දිනයේ සිට වැඩිවීමට නියමිතයි.

මුදල් අමාත්‍යාංශය පවසන ආකාරයට ලබන ජනවාරි මාසය තුළ දී සිදුකිරීමට නියමිත රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප් වැඩිවීම ඒ ආකාරයෙන්ම සිදු වේ.

එම වැටුප් වැඩිවීමත් සමඟ 2015 වසරට සාපේක්ෂව රාජ්‍ය සේවකයින්ගේ වැටුප සියයට 107කින් වැඩිවන අතර අවස්ථා පහක් යටතේ 2016 චක්‍රලේඛයට අනුව රාජ්‍ය සේවකයින්ගේ අවම වැටුප රුපියල් දස දහසකින් වැඩි කිරීමට නියමිතව ඇත.

2016 ජනවාරි මාසයේ පළමු වැනි දින සිට අවස්ථා හතරකදී මේ වන විට රාජ්‍ය සේවකයින්ගේ මුලික වැටුප ඉහළ දමා තිබේ.

අදාළ චක්‍රලේඛයට අනුව ඉතිරි වැටුප් වර්ධනය හෙට දිනයේ සිට සිදුවන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

Related posts

ජනප්‍රිය ගායක රොනී ලීච් අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අධිකරණයට පැමිණෙයි

Mohamed Dilsad

MCC ගිවිසුම ගැන මුදල් ඇමතිගෙන් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment