දේශීයප්‍රමුඛ පුවත 1

අස්ගිරි මහා නා හිමියන් නව වසරට සුබපතයි

(UTV | කොළඹ) – ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහමැතිවරණයද සුහදත්වයෙන් පැවැත්වීමට හැකි වේවායි නව වසරේ ප්‍රාර්ථනා කරන බව අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියෝ පවසති.

නව වසර සඳහා පණිවුඩයක් නිකුත් කරමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

එසේම“ලැබුවා වූ නව වසර සෞභාග්‍යමත්, වාසනාවන්නත වසරක් වේවා කියලා  ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා. මේ රට විවිධ ජාතීන් ජීවත් වන විවිධ ආගම්වලින් යුක්ත රටක් කියෙන එක ඔබ අප සෑම දෙනාම දන්නවා.

ආගම් බේදයක් නැතුව ජාති බේදයක් නැතුව මේ රටේ ජනතාව බොහෝ කාලයක් සුහදත්වයෙන් ජීවත් වුණා. ඒ වගේම ඉදිරියටත් මේ ජාති බේද ඒ වගේම ආගම් බේද හැමදෙනාම එකම රටේ සහෝදර පිරිසක් හැටියට ජීවත් වෙනවානම් ඉතාම අගය කරන්න ඕනේ”. අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් වැඩිදුරටත් මෙසේ පැවසීය.

Related posts

ජනාධිපතිට කලින් අගමැති ඉවත් විය යුතුයි..- පක්‍ෂ නායකයන් දන්වති

Mohamed Dilsad

වාලම්පුරියක් රුපියල් කෝටියකට විකිණීමට උත්සහ දැරූ 4ක් අත්අඩංගුවේ

Mohamed Dilsad

වැලිකඩ පුහුණු පාසලේ ජේලර් ඝාතනයට තවත් ප්‍රධාන සැකකරුවෙක් අල්ලයි [video]

Mohamed Dilsad

Leave a Comment