ක්‍රීඩා

මාරියා ශරපෝවා යළි ටෙනිස් පිටියට

(UTV | කොළඹ) –  බ්‍රිස්බේන් විවෘත ටෙනිස් තරගාවලියට ක්‍රීඩා කරන බව රුසියාවේ මාරියා ශරපෝවා අද නිවේදනය කළේය.

ඒ වයිල්ඩ් කාඩ් ක්‍රමය යටතේය.

ශරපෝවා සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවේ සටහනක් තබමින් සඳහන් කළේ බ්‍රිස්බේන් ටෙනිස් තරගාවලියට ක්‍රීඩා කිරීමට ලැබීම පිළිබඳ ඇය සතුටු වන බවයි.

සැළකියයුතු කාලයක් උරහිසේ ආබාධයකින් පසුවු රුසියාවේ මාරියා ශරපෝවා පසුගිය වසරේ ටෙනිස් තරග 15කට ක්‍රීඩා කර තිබේ.

ඒ අනුව මෙවර බ්‍රිස්බේන් ටෙනිස් තරගාවලියට වයිල්ඩ් කාඩ් ක්‍රමය යටතේ තරග වැදීමට 32 හැවිරිදි ශරපෝවා  සුදුසුකම් ලබා ගත්තේය.

බ්‍රිස්බේන් විවෘත ටෙනිස් තරගාවලිය ජනාවාරි 6 වැනිදා සිට ජනවාරි 12 වැනිදා දක්වා පැවැත්විමට නියමිතය.

Related posts

රටේ ක්‍රීඩාව ආරක්ෂා කිරීම සියලු ක්‍රීඩකයන්ගේ වගකීමක්- ඇමති අර්ජුන කියයි(වීඩියෝ)

Mohamed Dilsad

දුෂණ විරෝධි කාර්යාලට තොරතුරු දෙන්න ක්‍රම 03 ක් නිවේදනය කෙරේ..

Mohamed Dilsad

2019 ලෝක කුසලාන තරගාවලිය අහිමි වන රට?

Mohamed Dilsad

Leave a Comment