දේශීය

ත්‍රිකුණාමලයේ ඩෙංගු ව්‍යාප්තිය මර්දනයට ආණ්ඩුකාරවරිය මැදිහත්වෙයි

(UTV | ත්‍රිකුණාමලය) –  ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඩෙංගු මදුරුවන් ව්‍යාප්ත වීමට ඉඩ හැර ඇති ඇති රාජ්‍ය ආයතන සහ නිවාසවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධ යහම්පත් මහත්මිය පැවසුවාය.

අද (02) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය ආයතනවලට සහ පෞද්ගලික නිවාස වල ඩෙංගු මදුරුවන් ඇත්දැයි නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ කණ්ඩායම් පිටත්කර හරින බවද ආණ්ඩුකාරවරිය සඳහන් කළාය.

මීට අමතරව හෙට (03) සිට දිස්ත්‍රික්කයේ සියලු රාජ්‍ය ආයතන පාසල් සහ නිවාස විශේෂ පරීක්ෂාවකට ලක්කිරීමට කටයුතු කරන බවත් , පාසල්වල ද ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ද ආණ්ඩුකාරවරිය පළාත් සෞඛ්‍ය බලධාරීන්ට නියෝග කළාය.

Related posts

මෙරට සිටි ඉන්දියානුවන් පිරිසක් නැවත එරටට

Mohamed Dilsad

පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණය විවෘත කරයි

Mohamed Dilsad

තවත් කොරෝනා ආසාදිතයෙක් හමුවෙයි – සුවය ලැබූ ගණන 98 දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment