දේශීය

රාජ්‍ය ආයතනවලට නව වාහන ගෙන්වීම සීමා කෙරේ

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරි වසර තුනක කාලයක් ගතවන තුරු අමාත්‍යවරුන්ට හා රාජ්‍ය ආයතනවලට අලූතින් වාහන මිලදී ගැනීම සීමා කරන ලෙසට ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබාදී තිබේ.

රජයේ ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මේ වන විටත් එම උපදෙස් සියලූම අමාත්‍යාංශ වෙත සහ රාජ්‍ය ආයතන වෙත ජනාධිපති ලේකම්වරයා විසින් දැනුම් දී ඇත.

රජය විසින් මේ වනවිට අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන සතු වාහන සංචිත ගණනය කර ප්‍රතිඵලදායක ලෙස ඒවා කළමනාකරණය කර ගැනීමේ ක්‍රමවේදයක්ද ආරම්භ කර තිබේ.

අත්‍යවශ්‍ය කරුණකට පමණක් යම් ලෙසකින් රාජ්‍ය ආයතනයකට නව වාහනයක් අවශ්‍ය බවට යෝජනා වුවහොත් ඒ පිළිබඳව සොයා බලා එම ඉල්ලීම ඉටු කිරීමට නියමිතව ඇති බවට වැඩිදුරටත් වාර්තා වේ.

Related posts

හංගේරියානු විදේශ ඇමති අද ලංකාවට

Mohamed Dilsad

තවත් 8 දෙනෙකු සොයාගැනීමත් සමඟ සමස්ත ආසාදිතයන් යළි ඉහළට

Mohamed Dilsad

අසාද් සාලිගේ මෝටර් රථයේ විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක්

Mohamed Dilsad

Leave a Comment