විදෙස්

ඔස්ට්‍රේලියානු අගමැතිට ජනතාවගේ දැඩි විරෝධය

(UTV | කොළඹ) -ලැව් ගිනි දැඩිව පැතිරෙන කාල වකවානුව තුළ අමෙරිකාවේ නිවාඩුවක් ගත කිරීමට ගොස් සිටීම හේතුවෙන් විපතට පත් ප්‍රදේශවල චාරිකාවක නිරතවූ ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් හට ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

ඔස්ට්‍රේලියා නාවික හමුදාව විසින් ලැව් ගිනි පැතිර යන මුහුදුබඩ ප්‍රදේශවල සිරවී සිටින ජනතාව බේරා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

විශේෂ නෞකාවක් ඒ සඳහා යොදවා ඇති අතර 1000 කට ආසන්න පිරිසක් ගලවා ගැනීම අරමුණ වී ඇති අතර ලැව් ගිනි උග්‍ර වීමත් සමග 4000 ක පමණ පිරිසක් වෙරළබඩ ප්‍රදේශවලට පළාගොස් ඇත.

Related posts

හොංකොං රාජ්‍යයට පොලිස් ඇඳිරි නීතිය පනවයි

Mohamed Dilsad

මනුෂ්‍ය ඝාතන වැඩිම වසර 2019යි

Mohamed Dilsad

මැන්චෙස්ටර් ප්‍රදේශයට බෝම්බ නිෂ්ක්‍රීය කණ්ඩායමක්

Mohamed Dilsad

Leave a Comment