දේශීය

හපුතලේ නගරයට කඩා වැටුනු යානය ගුවන් හමුදා යානයක් – 4 ක් මරුට [PHOTOS]

(UTV| හපුතලය) –  අද පෙරවරුවේ හපුතලේ නගරයට කඩාවැටී ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Y-12 වර්ගයේ ආවේක්ෂණ ගුවන් යානයක් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව තහවුරු කර තිබේ.

යානයේ ගමන්ගත් ගුවන් හමුදා සෙබලුන් 04 දෙනෙකු මියගොස් ඇති අතර , සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශණයක් ආරම්භ කර ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න මහතා කියා සිටියේය.

පෙරවරු 09. 15 ට පමණ මෙලෙස කඩා වැටීමකට ලක්ව තිබුනේ වීරවිල නගරයෙන් පියාසැරිය ආරම්භ කළ ආවේක්ෂණ ගුවන් යානයක්.

එය කඩා වැටීමත් සමග ගිනිගෙන ඇති අතර , ගුවන් යානය කඩා වැටීම හේතුවෙන් හපුතලේ ප්‍රදේශයේ පදිංචිකාරිනියකටද තුවාල සිදුවී ඇයව හපුතලේ රෝහලට ඇතුලත් කර තිබේ.

Related posts

ඊයේ දිනයේදී හමුවූ ආසාදිතයන් 66 ගේ තොරතුරු මෙන්න

Mohamed Dilsad

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර්, හිටපු ජනාධිපති රනිල් සහ විපක්ෂ නායක සජිත් හමුවෙති.

Editor O

සිසුවියගේ ඝාතනයට හේතුව සොයා පුළුල් පරීක්ෂණයක්

Mohamed Dilsad

Leave a Comment