දේශීය

ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්

( UTV | කොළඹ ) – හෙට(06) දිනයේ මීගමුව, බම්බුකුලිය ජල පිරිපහදු මධ්‍යස්ථානයෙන් ජල සැපයෙන ප්‍රදේශ කිහිපයකට පෙරවරු 9.00 සිට පැය24 කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන ජලාපවහන මණ්ඩලය පවසයි.

මෙලෙස මීගමුව මහ නගර සභා බල ප්‍රදේශය, කොච්චිකඩේ, දූව, පිටිපන, දුනුගල්පිටිය, බාසියාවත්ත, පමුණුගම, කටාන බලප්‍රදේශයේ කොටසක්, කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපය, කටුනායක ගුවන් හමුදා කඳවුර හා කටුනායක ගුවන් හමුදා පරිශ්‍රයයන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

මෙම ජල සැපයුම අත්හිටුවීමට හේතුව ලෙස ජල පිරිපහදු මධ්‍යස්ථානයට කටාන ව්‍යාපෘතිය මගින් විදුලි උත්පාදකයක් සවි කිරීමබව වාර්තා වේ.

Related posts

“ඇමති ධූර භාර නොගෙන රට ගොඩ නැගීමට ආණ්ඩුවට සහය දෙනවා” – ගම්මන්පිල

Mohamed Dilsad

නාවලපිටිය පැරණි දුම්රිය අංගනය ආසන්නයේ නිවසකට පස්කන්දක් කඩා වැඩී තිදෙනෙක් මියයයි

Editor O

රට පුරා ඩෙංගු අවධානම ඉහළ ට…!

Editor O

Leave a Comment