දේශීය

නිදහස් පක්ෂයේ සංවිධායකවරුන් කොළඹට

(UTV | කොළඹ ) – පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවක් සඳහා ලබන 07 වැනි දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු සංවිධායකවරුන් කොළඹට කැඳවීමටනියමිතව ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ගොඩනගා ගෙන ඇති එකඟතා සහ පක්ෂය ඉදිරි මහ මැතිවරණයට තරග කරන ආකාරය ආදියපිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතයි.

මීට අමතරව පක්ෂ සභාපතිවරයා සමග සෑම ආසනයකට මැතිවරණ කමිටු පිහිටුවන ලෙස පසුගිය දා ලබාදුන් උපදෙස්වල ප්‍රගතියපිළිබඳව මෙම හමුවේදී සංවිධායකවරුන් කරුණු සකාච්ඡා කිරීමට සැලසුම් කර තිබේ.

Related posts

ජනමත විචාරණයකින් තොරව මැතිවරණය කල්දාන්න බෑ – ජී එල්

Mohamed Dilsad

නාලක සිල්වා අත්අඩංගුවට

Mohamed Dilsad

ගම්පහ පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය පනවයි

Mohamed Dilsad

Leave a Comment