දේශීයප්‍රමුඛ පුවත 1

පූජිත් – හේමසිරි යළි රක්ෂිත බන්ධනාගාරයට [UPDATE]

(UTV | කොළඹ) – පාස්කු ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීම ,මිනීමැරීම සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන අය ලබන 22 වැනිදා තෙක් යළිත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.


(UTV | කොළඹ) –  රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු අද (06) දිනයේ යළිත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීමට කටයුතු නොකිරීම සැකකරුවන්ට එරෙහිව එල්ලවන චෝදනාවයි.

අදාළ නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේදී විභාගයට ගැනීමට නියමිතව ඇත.

Related posts

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට නව අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක්

Mohamed Dilsad

කොත්මලේ රිය අනතුරකින් එකම පවුලේ 3කු මරුට

Mohamed Dilsad

රජයේ නිලධාරීන්ට 2025 සඳහා විශේෂ අත්තිකාරම් මුදලක්

Editor O

Leave a Comment