ක්‍රීඩා

ඉර්ෆාන් පඨන් ක්‍රිකට් දිවියෙන් සමු ගනී

(UTV | ඉන්දියාව) -ඉර්ෆාන් පඨන් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙන බව පසුගියදා නිවේදනය කළේය.

ඉන්දියාවෙන් බිහිවු දක්ෂ වේග පන්දු යවන්නෙක් වන ඔහු ඉන්දියාව වෙනුවෙන් අවසන් වරට ජාත්‍යන්තර තරඟයක් ක්‍රීඩා කළේ 2012 වසරේදීයි.

35 හැවිරිදි වියේ පසුවන ඉර්ෆාන් පඨන් 2003 වසරේදී ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකරගත් අතර ඉන් වසරකට පසු එක්දින වරම් හිමි කර ගත්තේය.

ඉර්ෆාන් පඨන් විස්සයි විස්ස වරම් හිමි කරගත්තේ 2006 වසරේදී දකුනු අප්‍රිකාවට එරෙහිව වන අතර ඉන් වසරකට පසු 2007 වසරේදී පැවති 20-20 ලෝක කුසලානයේදී විශිෂ්ට දක්ෂතා දැක්වීමට සමත් විය.

ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් තරග 29ක්, එක්දින තරග 120ක් සහ විස්සයි විස්ස තරග 24ක් ක්‍රීඩා කර ඇති පතාන් එහිදී කඩුලු 301ක් දවාගෙන තිබේ.

2017 වසරේදී පැවති අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියේදී ඉර්ෆාන් පඨන් අලෙවි නොවීය.

මෙම නව වසර උදාවත් සමග ඉර්ෆාන් පඨන් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීමටයි තීරණය කර ඇත.

Related posts

67 වැනි රන් සටනට අද

Mohamed Dilsad

ශ්‍රී ලංකා සහ නවසීලන්ත 20 – 20 පළමු තරගය අද

Mohamed Dilsad

මාලිංග ක්‍රීඩාපිටියෙන් සමු ගනීද?

Mohamed Dilsad

Leave a Comment