දේශීය

මාතර නව අධිකරණ සංකීර්ණය කඩිනමින් ජනතා අයිතියට

(UTV | මාතර) – මාතර නව අධිකරණ සංකීර්ණය ඉතා කඩිනමින් ජනතා අයිතියට පත් කිරිමට කටයුතු කරන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

ඒ සඳහා වියදම් කර අමුදල රුපියල් බිලියන එකයි දශම දෙකකි.

අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම අදහස් පළ කළේ අද (06) මාතර කොටවිල ප්‍රදේශයේ ඉදි වන නව අධිකරණ සංකීර්ණයේ කටයුතු නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට අද එක්වෙමිනි.

“රුපියල් බිලියන එකයි දශම දෙකක් වියදම් කරලා ඉදි කර ඇති මාතර නව අධිකරණ සංකීර්ණය ඉතා කඩිනමින් ජනතා අයිතියට පත් කළ යුතුයි.ගොඩනැගිලි ඉදි කර ඇති ආකාරය ඉතා හොදයි.මෙම නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමට ඇති බාධාවන් ඉවත් කර ගෙන එය විවෘත කළ යුතුව තිබෙනවා.විශේෂයෙන්ම නීතිඥවරුන් සදහා කාර්යාල පහසුකම් නැහැ.එය ගැටළුවක් බවට පත් ව තිබෙනවා.ඒ සදහා වහාම නිතීඥරුන් 195 දෙනෙකුට අවශ්‍ය කාර්යාල ගොඩනැගිලි ඉදි කිරීමට අවශ්‍ය ඉඩම ලබා දුන්නා.ඔවුන් මාස තුනක් තුළ කාර්යාල සංකීර්ණය ඉදි කර අවසන් කිරීමට එකග වෙලා තිබෙනවා.මේ අධිකරණ සංකීර්ණයේ ඉතිරි වැඩ අවසන්  කර ජනතා අයිතියට කඩිනමින් පත් කළ යුතුයි.මාතර ජනතාවට අවශ්‍ය අනෙකුත් පහසුකම් මෙම ස්ථානයේ ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබෙනවා.අධිකරණයේ අවට ජනතාවට උපරිම ආකාරයේ ප්‍රයෝජන ලබා ගත හැකි ආකාරයෙන් සකස් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.මෙම අධිකරණ සංකීර්ණය ඉදි කරලා තියෙන්නේ ඉතා විශාල මුදලක් වියදම් කරලයි.ඒ නිසා ජනතා මුදල් වල ප්‍රතිලාභ කඩිනමින් ජනතාවට ලබා දිය යුතුයි”.

 

 

Related posts

අදත් කොවිඩ් මරණ හතරක්

Mohamed Dilsad

වන්නි දිස්ත්‍රික්කයේ අවතැන් ඡන්ද දායකයින්ට ඡන්ද මධ්‍යස්ථාන 12 ක්

Mohamed Dilsad

ළමා හිංසනය සම්බන්ධ වූ 5 අවුරුදු සැලැස්ම හෙටින් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment