ගොසිප්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තව දින 54කින්?

(UTV | කොළඹ) – තවත් දින 54 කින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නීත්‍යානුකූල බලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඇති බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහපෙරුම පවසයි.

මාර්තු 2 වන දින මධ්‍යම රාත්‍රී 12 ට ව්‍යවස්ථාපිත අධිකාරිය නිකුත් කිරීමට ජනාධිපතිවරයාට නීතිමය බලය ඇති බව මාතර හි පැවති රැස්වීමකදී ඔහු ප්‍රකාශ කර සිටියේය.

පාර්ලිමේන්තුව විසුරුවා හැර දින 110 ක් ඇතුළත මහ මැතිවරණයක් පැවැත්වීමට අවස්ථාවක් ඇති බව ඔහු එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරණය මෙන් එළඹෙන මහ මැතිවරණය ද පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගනු ඇතැයි ඔහු පැවසීය.

Related posts

හරීන් සජිත් කපයි

Mohamed Dilsad

එකම පවුලේ 11 දෙනෙකුට කොවිඩ් වැළඳෙයි

Mohamed Dilsad

තුර්කියේ සුන්බුන් අතරින් බේරා ගැණුනු සිඟිත්තිය [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment