දේශීය

බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූවන්ට වන්දි

(UTV | පස්සර) – ඊයේ (06) පස්වරුවේ පස්සර ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන්ගේ අවමංගල්‍යය කටයුතු වෙනුවෙන් රුපියල් 50,000 බැගින් අවමංගල්‍යාධාරයක් ලබාදීමට ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව ජීවිතක්ෂයට පත්වූ මගීන්ගේ අවමංගල්‍ය කටයුතු සිදුකිරීම සදහා රු. 50,000 බැගින් අවමංගල්‍යාධාරයක් ලබාදීමටත්, තුවාල ලබා දැනට රෝහල්ගතවී සිටින තුවාලකරුවන්ට ප්‍රතිකාර ලබාගැනීමේදී අවශ්‍යවන සියලුම ද්‍රව්‍ය ගමනාගමන මණ්ඩලය මගින් සැපයීමටත් තීරණය කර ඇත.

ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථ හදිසි අනතුරු වලට ලක්වීමෙන් මරණයට පත්වු මගීන් සදහා අවමංග්‍යය ආධාර වශයෙන් මෙතෙක් ලබාදී ඇත්තේ රුපියල් 25,000.00 ක මුදලක්.

එම මුදල රු. 50,000 දක්වා වැඩිකරන ලෙසත්, එම පිරිස වෙනුවෙන් සුදුසු වන්දි මුදලක් ලබාදීමටත් කටයුතු කරන ලෙසත්, මගී ප්‍රවාහන කලමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංගම සභාපතිවරයාට උපදෙස් ලබාදී තිබේ.

Related posts

විභාග සහතික පත් නිකුත් කිරීමේ එක්දින සේවය තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

කොරෝනා මරණ ගණන 150 සීමාවට

Mohamed Dilsad

බස්නාහිර විශේෂ පොලිස් මෙහෙයුමක්

Mohamed Dilsad

Leave a Comment