දේශීය

ලංගම නුසුදුසු බස් රථ ධාවනයෙන් ඉවතට

(UTV | බදුල්ල) – මෝටර රථ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහය ඇතිව ලංකා ගමනා ගමන මණ්ඩලයේ සියලු බස් රථවල තත්ව පරීක්ෂනයකට ලක් කල යුතු බව ලංගම පවසයි.

එහි සභාපති කිංස්ලි රණවක මහතා පැවසුවේ සියලු බස් රථවල තත්ව පරීක්ෂනයකට ලක් කර පසු නුසුදුසු තත්වයේ ඇති බස් රථ ධාවනයෙන් ඉවත් කරන බවයි.

ඉවත් කරන බස් රථ වෙනුවට ප්‍රවාහණ අමාත්‍යවරයාගේ සහයෝගයෙන් නව බස් රථ ආනයනය කර ග්‍රාමීය කටයුතු සදහා භාවිත කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටයේ පස්සර මඩොල්සිම මාර්ගයේ 6 කණුව ප්‍රදේශයේදී සිදවූ ලංගම බස් රථ අනතුර පිළිබද පරීක්ෂා කිරීමට එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී මාධ්‍යයට අදහස් දක්වමින්.

 

Related posts

ආණ්ඩුවේ අය බලයට එන්න පෙර කී කතා, මාධ්‍යයේ පළ කරන අයට එරෙහිව පියවර ගැනීමට ආණ්ඩුව සූදානම් වෙයි.

Editor O

ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

Mohamed Dilsad

ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 33,000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment