ක්‍රීඩා

ඉන්දියාවට දෙවන විස්සයි 20 තරඟයෙන් කඩුලු 07 ක ජයක්

(UTV | ඉන්දියාව) – ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි පැවති දෙවන විස්සයි 20 තරඟයෙන් කඩුලු 07කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්ව තිබේ.

ඊයේ (07) පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළේය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 142 ක් රැස්කර ගත්තේය.

එහිදී කුසල් පෙරේරා ලකුණු 34ක් සහ අවිශ්ක ප්‍රනාන්දු ලකුණූ 22ක් ලබා ගැනිමට සමත් වුණි.

පිළිතුරු ඉනිම සඳහා පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 144ක් ලබාගෙන තරඟයේ ජය තහවුරු කළේය.

නායක කෝලි ලකුණු 30 ක් රැස්කරගත් අතර කේ.එල් රාහුල් ලකුණ 45ක් සහ ශ්‍රියාස් අයියර් ලකුණු 34ක් ලබා ගත්තේය.

Related posts

ශ්‍රී ලංකා , ඕස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් තරඟයේ දෙවැනි දිනය අදයි…

Mohamed Dilsad

ෂේන් වොන්ගේ තොප්පිය වෙන්දේසියට

Mohamed Dilsad

16 වන ලෝක ජිම්නාස්ටික් සංදර්ශන ක්‍රිඩා උලෙළට සහභාගීවන කණ්ඩායමට ජනපතිගෙන් සුබපැතුම්

Mohamed Dilsad

Leave a Comment