ව්‍යාපාරික

මාතලේ පැතිර යන දිලිරයක් නිසා එළවළු අස්වැන්න විනාශයට

(UTV | මාතලේ) – මාතලේ ප්‍රදේශ රැසක එළවළු බෝග ආශ්‍රිතව දිලීර රෝගයක් පැතිර යාම හේතුවෙන් අස්වැන්න දැඩි ලෙස විනාශ වී ඇති බව ගොවින් පවසයි.

මෙම දිලීර රෝගය මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල, දඹුල්ල, යටවත්ත ආදී ප්‍රෙදේශවල වැටකොලු, කරවිල, බෝංචි වගාවන් ආශ්‍රිතව  පැතිර ගොස්ඇති බව සඳහන්.

පසුගිය දිනවල ඇඳ හැලුණු ධාරානිපාත වර්ෂාව සහ අව් රශ්මිය නොමැති වීමෙන් මෙම දිලීරය ඇති වී තිබෙන බවට විශ්වාස කරන බව ගොවීන් කියා සිටියේය.

මේ හේතුවෙන් අස්වැන්න ලබා ගැනීමට ගොවීන් අපහසුතාවයට පත්ව ඇති බවත් ඒ සඳහා හැකි ඉක්මණින් පියවරයක් ගැනීමට බලධාරීන් මැදිහත් විය යුතු බවත් ගොවින් වැඩිදුරටත් පවසයි.

Related posts

ශ්‍රී ලංකාවේ විදේශ ණය ගැන පාර්ලිමේන්තුවට ප්‍රකාශයක්

Editor O

දුම්රිය ආසන වෙන් කිරීමේ කටයුතු අද සිට Online ක්‍රමයට

Mohamed Dilsad

දිසිඳි පොල් ආනයනය කිරීමේ දී විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක්

Mohamed Dilsad

Leave a Comment