දේශීය

ළිඳට වැටී ප්‍රදේශ දෙකකදී දෙදෙනෙකු මරුට

(UTV |යාපනය) – ළිඳට වැටීමෙන් වැඩිහිටියෙකු හා දරුවෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ. චාවකච්චේරි පොලීසිය පැවසුවේ යාපනය, මීසාලෙයි හා යාපනය, නාවට්කුලි ප්‍රදේශයන්හිදි ඔවුන් මෙම අනතුරු වලට මුහුණ පා ඇති බවයි.

මීසාලෙයි ප්‍රදේශයේදී වයස අවුරුදු 84ක් වේලුපිල්ලේ සතාශිවම් නමැති පුද්ගලයෙකු ළිඳකට වැටීමෙන් ඊයේ(07) ජිවිතක්ෂයට පත්ව ඇත.

එසේම යාපනය නාවට්කුලි ප්‍රදේශයේදීද වයස අවුරුදු 7 වු ශෂිදරන් එඩ්වඩ් නැමති දරුවෙකුද ළිඳට වැටීමෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය කියයි.

ජිවිතක්ෂයට පත්වු වැඩිහිටි පුද්ගලයා නිවසේ තනිව සිට ඇති අතර කුඩා දරුවා සෙල්ලම් කරමින් සිටියදී අනාරක්ෂිත ළිඳකට වැටීමෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බවද පොලිසිය පැවසීය.

Related posts

ඇමරිකා රජයෙන්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඩොලර් මිලියන 19ක තෑග්ගක්

Editor O

කොරියාවට යන ගුවන්යානා පමාවීම ගැන තීරණයක්

Mohamed Dilsad

සහන නොලැබුණහොත් බස් ගාස්තු 30%කින් ඉහළට

Mohamed Dilsad

Leave a Comment