දේශීයප්‍රමුඛ පුවත 1

අමාත්‍ය කේ.ශන්මුගම් සහ අග්‍රාමාත්‍ය අතර හමුවක්

(UTV | කොළඹ) – සංචාරයක් සදහා මෙරටට පැමිණ සිටින සිංගප්පූරුවේ නීතිය සහ ස්වදේශ කටයුතු පිළිබද අමාත්‍ය කේ.ශන්මුගම් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතර හමුවක් ඊයේ  (07) අරලියගහ මන්දිරයේදී සිදුවි තිබේ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සදහන් කළේ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා වැදගත් කරුණු රැසක් පිලිබදව සාකච්ඡා කෙරුණු බවයි.

මෙම හමුවට අග්‍රාමාත්‍ය ලේකම් ගාමිනි සේනරත්, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, ආර්ථික කටයුතු පිලිබද ජ්‍යෙෂ්ඨ උපදේශක අජිත් නිවාඞ් කබ්රාල් සහ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ජාත්‍යන්තර විශේෂඥයෙකු වන මහාචාර්ය රොහාන් ගුණරත්නද සහභාගී වූහ.

Related posts

බඹර ප්‍රහාරයකින් කාන්තාවක මරුට

Mohamed Dilsad

දරු ප්‍රසූතියකදී ආබාධිත දරුවකු බිහිවුණේ වෛද්‍ය නොසැලකිල්ලෙන්

Mohamed Dilsad

තවත් ගම් දෙකක් හුදෙකලා කෙරේ

Mohamed Dilsad

Leave a Comment