දේශීය

රවීන්ද්‍ර විපේගුණරත්නගේ නඩු තීන්දුව ලබන මාසයේදී

(UTV | කොළඹ) – හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විපේගුණරත්න මහතා සහ අනෙක් විත්තිකරු නිදහස් කරනවාද නැද්ද යන්න පිළිබඳ තීන්දුව ලබන මස12 වනදා ප්‍රකාශ කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා දැනුම් දී තිබේ.

ඒ අධිකරණය හමුවේ විභාගවන නඩුවක ප්‍රධාන සැකකරුට අධිකරණය මගහැර සිටීමට ආධාර අනුබලදුන් චෝදනාව අනුවයි.

අදාල පැමිණිල්ල පිළිබඳ විමර්ශණ අවසන් කර එම වාර්තාව නීතිපති උපදෙස් සඳහා යොමු කර ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේය.

2009 වසරේදී කොළඹදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙනගොස් අතුරුදන් කළ බව කියන සිද්ධියට අදාල නඩුවේ ප්‍රධාන සැකකරුට අධිකරණය මගහැර සැගව සිටීමට ආධාර අනුබල දීමේ චෝදනාවට අදාලවයි මෙම නඩුව විභාගයට ගැනුනේ.

Related posts

අස්වැසුම ගැටලු ගැන සාකච්ඡාවක්

Mohamed Dilsad

නව සන්ධානයේ ලකුණ හංසයා

Mohamed Dilsad

ශ්‍රී ලංකාව නැවතත් නිවැරදි දිශාවට ගමන් කරනවා – කන්නි විග්නරාජා

Mohamed Dilsad

Leave a Comment