ව්‍යාපාරික

කොටස් වෙළෙඳපොළේ දෙවැනියට සිදුවූ විශාලතම කොටස් ගනුදෙනුව අද

(UTV | කොළඹ) – කොළඹ කොටස් වෙළෙඳපොළේ විශාලතම සමාගම වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පී.එල්.සී හි දෙවැනියාට විශාලතම කොටස් හිමියා වූ මැලේසියාවේ Broga Hill Investments Ltd සිය සම්පූර්ණ කොටස් හිමිකාරීත්වය අද (09) පෙරවරුවේ දී විකුණා දමා තිබේ.

මෙහි ගැණුම්කරු විදෙස් අයෝජකයෙක් වන අතර Broga Hill Investments Ltd සතුව පැවති කොටස් මිලියන 141.85 ක් රු. 160.00 බැගින් විකුණා තිබුණි.

මෙය ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ මෙතෙක් සිදු වූ දෙවැනියට විශාලතම තනි කොටස් ගනුදෙනුව වේ.

 

Related posts

පොලීතීන් බෑග් සඳහා අද සිට බලපාන නීතිය මෙන්න

Editor O

සූර්ය බල විදුලිය උත්පාදනය මෙගාවොට් 1000 ඉක්මවයි – බලශක්ති අමාත්‍යංශය

Editor O

තෛපොංගල් බත උයන්න රතු හාල් නැති බවට ජනතාවගෙන් දුරකථන ඇමතුම් ලැබෙනවා – වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ

Editor O

Leave a Comment