දේශීය

අල්ලස් ගත් පොලීසියේ දෙදෙනෙකුට වසර 28 ක සිරදඬුවම්

(UTV | කොළඹ) –  රුපියල් 10,000 ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවකට වරදකරු කෙරුණු පොලිස් පරීක්ෂකවරයෙකුට සහ පොලිස් කොස්තාපල්වරයෙකුට බරපතළ වැඩ සහිත වසර 28 ක සිරදඬුවම් නියම කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා විසින් මෙම දඬුවම නියම කළ අතර විත්තිකරුවන්ට සිර දඬුවමට අමතරව රුපියල් විසි දහස බැගින් දඩ මුදලක් ද නියම කළේය.

2009 වසරේ අරලගංවිල පොලිසියේ සේවය කළ අවස්ථාවේදී නීති විරෝධී ලෙස ගෝන මස් ළඟ තබා ගැනීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවකුට එරෙහිව නීති මගින් කටයුතු නොකිරීම සඳහා විත්තිකරුවන් රුපියල් 10,000 ක මුදලක් ඉල්ලා තිබේ.

අදාළ මුදල අල්ලස් වශයෙන් ලබාගත් අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබීය.

පසුව එම කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කළේය.

Related posts

පක්ෂ සහ අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීමට වාහනවල අළවා ඇති ස්ටිකර් වහාම ගලවන්න – මැතිවරණ කොමිෂමෙන් පොලීසියට නියෝග

Editor O

දුම්රියේ ගැටීමට ගිය බස්රථයක් නූලෙන් බේරෙයි

Mohamed Dilsad

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු හා ජනපති අතර විශේෂ හමුවක්

Mohamed Dilsad

Leave a Comment