දේශීයව්‍යාපාරික

ලංගමයට ඉන්දියාවෙන් බස්රථ 600 ක්

(UTV | කොළඹ) – මහජනතාවට කාර්යක්ෂම හා සුව පහසු සේවයක් සැපයීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අලුතින් බස්රථ 600 ක් ඉන්දියාවෙන් මිලට ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මීට පෙර මිලදී ගැනීමට අපේක්ෂා කළ බස්රථ වෙනුවට ආසන 30 – 35 නව බස්රථ 500 ක් සහ පසුපස උස් ආසන සහිත ආසන 42 – 45 නව බස්රථ 100 ක් මිලදී ගැනීමට ප්‍රවාහන සේවා කළමනාකරණ ඇමති මහින්ද අමරවීර මහතා යෝජනාවක් ඉදිරිපත් කළේය.

එම යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබුණු බව සම කැබිනට් ප්‍රකාශක ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (09) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පවසයි.

 

Related posts

අප්‍රේල් 20 සිට පොදු ප්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් සිදු කෙරේ

Mohamed Dilsad

මිල්කෝ ආයතනය මිල දී ගන්නා දියර කිරි ලීටරයලකට ගෙවන මුදල ඉහළ දමයි

Mohamed Dilsad

පාලම් පාරු අනතුරෙන් තවත් දරුවෙක් මරුට

Mohamed Dilsad

Leave a Comment