දේශීයප්‍රමුඛ පුවත 1

මහපොළ ශිෂ්‍යාධාර මුදල් ගෙවීමට රජය තීරණය කරයි

(UTV | කොළඹ) – නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල හිග මහපොළ ශිෂ්‍යාධාර මුදල් ලබන සදුදා වනවිට ගෙවීමට රජය තීරණය කර තිබේ.

ඒ සරසවි සිසුන් හා උසස් අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි.

තවද දේශන සඳහා පැමිණීම දින 80% සම්පූර්ණ කර නැති සිසුන්ට මහපොළ ලබාදීම, ශිෂ්‍යාධාර සහ මහපොළ සම මට්ටමට ගෙන ඒම, සබරගමුව විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් පැණ නැගී ඇති ගැටලු, ශිෂ්‍යාධාර පිරිනැමීමේ දී සලකා බැලෙන දෙමාපිය ආදායම ලක්ෂ 07ක් දක්වා වැඩි කිරීම, වැඩකරන ජනතාවගේ වැටුප් වැඩි කිරීමයන යෝජනා සම්බන්ධයෙන් කඩිනමින් විසඳුම් ලබාදීම කෙරෙහි අවධානය යොමු විය.

මහපොළ සහ ශිෂ්‍යාධාර වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් 06ක් මුල් කර ගනිමින් සරසවි සිසුහු අද (09) පස්වරුවේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කළේය.

ඔවුන් විරෝධතා පාගමනින් ජනාධිපති කාර්යාලය ඉදිරිපිටට පැමිණ සිය ඉල්ලීම් ඉදිරිපත් කරමින් විරෝධතාවයේ නිරත වීමටයි කටයුතු කළ අතර  මේ පිළිබඳ සැලවීමත් සමග ජනාධිපතිතුමා සිසුන්ට කිසිදු බාධාවකින් තොරව ජනාධිපති කාර්යාල අභියසට පැමිණිමට අවස්ථාව සලසන ලෙස සියලුම ආරක්ෂක අංශවලට උපදෙස් දී තිබුණි.

මීට අමතරව පවතින ගැටළු සම්බන්ධයෙන් මසකට වරක් හෝ සිසුන්ගේ කැමැත්ත පරිදි සති දෙකකට වරක් හෝ සාකච්ඡා කිරීමටත් යෝජනාවක් වී තිබේ.

ඒ සම්බන්ධයෙන් ශිෂ්‍ය සංගම් සමඟ සාකච්ඡා කර තීරණයකටද එළැඹෙන බව එහිදී ශිෂ්‍ය නියෝජිතයෝ සඳහන් කරයි.

ජනාධිපති අතිරේක ලේකම් රෝහණ අබේරත්න. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග යන මහත්වරුන් සහ නිලධාරිහු පිරිසක් සාකච්ඡාවට සහභාගී වුහ.

Related posts

අද ජාතික ශෝක දිනයක්.විනාඩි 3ක් නිහඬ වන්නැයි ඉල්ලීම්

Mohamed Dilsad

පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය පාකිස්තාන ජාතික දිනය සමරයි

Mohamed Dilsad

අලව්වේ නායයෑමක් – හෙදියක් මරුට

Mohamed Dilsad

Leave a Comment