(UTV | කොළඹ) – ලබන 13 වනදා රුපියල් මිලියන 30,000 ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් සිදුකිරීමට මහබැංකුව සූදානම්ව සිටියි.
මෙහිදී වසර 03 යි මාස 08 කින් කල් පිරෙන පරිදි රුපියල් මිලියන 15,000 ක බැඳුම්කර නිකුත් කරන බව මහබැංකුව ප්‍රකාශ කළේය.
වසර 10 යි මාස 04 කින් කල් පිරෙන පරිදි ඉතිරි මිලියන 15,000 ක බැඳුම්කර නිකුත් කෙරෙන අතර , මේ මස 13 වනදා සිට 17 වනදා දක්වා ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර වෙන්දේසියට අදාළව ලන්සු ඉදිරිපත් කළ හැකි බව ද මහබැංකුව දැනුම් දෙයි.
ඇමරිකානු ඩොලර් මිලියන 100 දක්වා මෙම සංවර්ධන බැඳුම්කර නිකුතුව සිදුකිරීමට නියමිතව ඇත.