දේශීය

ලබන සඳුදා ප්‍රදේශ කීපයකට පැය 24 ක ජල කප්පාදුවක්

(UTV | කොළඹ) –  ලබන සඳුදා පෙරවරු 8.00 සිට පැය 24 ක කාලයක් වත්තල, කැළණිය හා බියගම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

ඒ අනුව පෑලියගොඩ, වත්තල – මාබෝල, නගර සභා බල ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන අතර , කැළණිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ හැදල, ඇලකන්ද සහ පල්ලියවත්ත ප්‍රදේශවලට ද මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

බියගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මගුරුවිල පාර, විජේරාම මාවත, කේ.ඊ. පෙරේරා මාවත, ගෝනවල, පමුණුවිල හා බතලහේන වත්ත ආදී ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය දැනුම් දෙයි.

Related posts

ඊයේ තවත් PCR පරීක්ෂණ 938 ක්

Mohamed Dilsad

ධාවනයට එක්කරන දුම්රිය සංඛ්‍යාව හෙට සිට ඉහළ දමයි

Mohamed Dilsad

ගේම්වලින් ඇති කරන ලද දේශපාලනයෙන් දිගුකාලයක් රැකෙන්නේ නෑ – අනුර කුමාර

Mohamed Dilsad

Leave a Comment