ගොසිප්

වෛද්‍ය මොහොමඩ් සාෆි යළිත් සේවයට ?

(UTV | කුරුණෑගල) –  ප්‍රසව හා නාරිවේද වෛද්‍ය මොහොමඩ් සාෆි වෙත යළි රැකියාව ලබාදීම සඳහා නිර්දේශ ලබාදෙන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

කුරුණෑගල මහ රෝහලේ සේවය කළ මොහොමඩ් සාෆිට එරෙහිව පාර්ශව රැසකින් එල්ල වූ වන්ධ්‍යාකරණය සම්බන්ධයෙන් චෝදනා හේතුවෙන් මොහුගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගනු ලැබීය.

සාෆිට එරෙහිව කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වූ අතර නමුත් මේ වනවිට සැකකරුවකු ලෙස පමණක් ඔහුව නම්කර ඇත.

ඒ අනුව , සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ අදාළ අධිකරණ වාර්තා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන වාර්තා පදනම් කරගනිමින් මෙම වෛද්‍යවරයාට යළි පත්වීම ලබාදීම සඳහා අවශ්‍ය නිර්දේශ යොමු කිරීමටයි.

Related posts

“දවසකට 30 දෙනෙක් එක්ක මට ලිංගිකව එකතු වෙන්න සිදු වුණා..” – වසර 4 දී 43000 වතාවක් දුෂණය වූ තරුණිය කියන සංවේදී කතාව – Photos

Mohamed Dilsad

කොළඹ තත්ත්වය අවධානම්.සංචරණය සීමා කරන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

මාලිංග ඉදිරියේදී අලුත් මුහුණුවරකින් ක්‍රිකට් ක්‍රීඩාවට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment