දේශීය

සිරිපා සමයේ මත්ද්‍රව්‍ය රැගෙන පැමිණි 150 ක් අත්අඩංගුවට

(UTV | හැටන්) –  මෙවර සිරිපා වන්දනා සමය ආරම්භ කර ගතවී ඇති සුළු කාල සීමාව තුළ වන්දනාවේ පැමිණි තරුණයන් 150 දෙනෙකු පමණ සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බව හැටන් පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් , අයිස් , කේරල ගංජා , ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි, නීති විරෝධී දුම්වැටි, මත් පෙති රැගෙන පැමිණි තරුණයන් පිරිසක්.

සැකකරුවන් 110 දෙනෙකු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර , එහිදී ඔවුන් වරද පිලිගෙන ඇති හෙයින් දඩ මුදල් නියම කර මුදා හැර තිබේ.

මත්ද්‍රව්‍යය රැගෙන පැමිණි තවත් තරුණයන් 40 දෙනෙකුට එරෙහිව මේ මස 21 දින අධිකරණය හමුවේ නෛතික පියවර ගැනීමට කටයුතු කරන බව හැටන් පොලිස් අධිකාරිවරයා කියා සිටියේය.

ශ්‍රී පාද වන්දනාවේ මත්ද්‍රව්‍යය රැගෙන ඒමෙන් වලකින ලෙසට කර ඇති ඉල්ලීමට පටහැනිව කටයුතු කරමින් තවදුරටත් මත්ද්‍රව්‍යය රැගෙන එන වන්දනාකරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ සෝදිසි මෙහෙයුමක් තවදුරටත් ක්‍රියාත්මක කරන බවත් පොලිස් අධිකාරිවරයා කියා සිටියේය.

හැටන් පොලිස් කොට්ඨාශ දූෂන මර්දන ඒකකය , හැටන් පොලිසිය , නල්ලතන්නිය පොලිසිය , මස්කෙලිය පොලිසිය විසින් මෙම මෙහෙයුම දියත් කර ඇත.

Related posts

ජපානයේ ශ්‍රී ලංකා තානාපති සමග, ජපානයේ දී විජිත අත්සන් කළ ගිවිසුම

Editor O

තවත් කොවිඩ් ආසාදිතයන් 29 ක් පූර්ණ සුව අතට

Mohamed Dilsad

හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ දියණියට සහ බෑණාට විදේශ ගමන් තහනමක්

Editor O

Leave a Comment