ව්‍යාපාරික

එළවළු කිහිපයකම මිල පහළට

(UTV | කොළඹ) – එළවළුවල මිල පහළ යමින් පවතින බව ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරයන් පවසයි.

කෙසේවෙතත් කැරට්, ලීක්ස් හැර අනෙකුත් සෙසු එළවළුවල මිල මෙලෙස පහතට යන බවත් කැරට් සහ ලීක්ස් කිලෝවක තොග මිල රුපියල් 350 ඉක්මවා ගොස් තිබෙන බවත් එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේය.

තවද, රුපියල් 200 ඉක්මවා අලෙවි වූ වම්බටු, බීට්රූට්, ගෝවා ඇතුළු තවත් එළවළු වර්ග කිහිපයක කිලෝවක තොග මිල මේ වන විට රුපියල් 120 දක්වා පහත වැටී ඇති බවට වාර්තාවේ.

ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරයන් සඳහන් කළේ රුපියල් 500 ඉක්මවා අලෙවි වූ අමු මිරිස් කිලෝවක තොග මිල රුපියල් 250 දක්වාත්, රුපියල් 100ක මිලකට අලෙවි වූ වට්ටක්කා කිලෝවක තොග මිල රුපියල් 50 දක්වා අඩු වී ඇති බවයි.

Related posts

ටෙලිකොම් ලාභ ලබයි

Mohamed Dilsad

එයාර්ටෙල් ලංකා මුළු දිවයිනම සුපිරි 4G තාක්ෂණයෙන් බලගැන්වීමට සූදානම්

Mohamed Dilsad

ආනයනික ලුණු කිලෝවකට රු. 40ක බදු පනවයි.

Editor O

Leave a Comment