දේශීයප්‍රමුඛ පුවත 1

බස් දෙකක් මුහුණට මුහුණ ගැටී 20 ක් රෝහලේ [PHOTOS]

(UTV | කොළඹ) –  හැටන් සිට මහනුවර දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ මහනුවර සිට හැටන් දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් මගින් 20 දෙනෙක් තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කර තිබේ.

අද පෙරවරු 8.00 ට පමණ මෙම අනතුර සිදුවී ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන දියගල නායයාමට ලක්වූ ස්ථානයේදියි.

දියගල ප්‍රදේශයේ නායගිය ස්ථානය ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන නිසා එම ස්ථානයේ රථ වාහන ධාවනයට එක් මංතිරුවක් පමණක් විවෘත කර ඇති අතර එම මංතිරුව ඔස්සේ බස් රථ දෙකම දෙපසින් ධාවනය කිරිම නිසා හැටන් සිට මහනුවර දක්වා අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථය ඉදිරියට ධාවනය වු බස් රථයේ ගැටී මෙම අනතුර සිදුවී ඇති බව ගිනිගත්හේන පොලිසිය පැවසීය.

අනතුරට පත් බස් රථ දෙකේම රියදුරන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගත් බව ගිනිගත්හේන පොලිසිය සඳහන් කළේය.

Related posts

මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

ප්‍රදේශ දෙකක පුද්ගලයින් 67 දෙනකු නිරෝධායනය සඳහා යොමුකරයි

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයක පැය 21ක් ජලය අත්හිටුවයි.

Mohamed Dilsad

Leave a Comment