දේශීයව්‍යාපාරික

සංචාරක කර්මාන්තයේ වේගවත් ප්‍රවර්ධනයට පියවර

(UTV | කොළඹ) – 2025 වන විට සංචාරක කර්මාන්තයෙන් ඇ.ඩො. බිලියන 10ක ආදායම් ඉලක්කයක් කරා යමින් ආර්ථික පුනරුදයක් ඇති කිරීම සඳහා සංචාරක කර්මාන්තයේ වේගවත් ප්‍රවර්ධනය උදෙසා ඉලක්කගත වැඩපිළිවෙළක් සැලසුම් කරන්නැයි ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.

වේගවත් ආර්ථික වර්ධනයක් වෙනුවෙන් දායකකරගත හැකි ප්‍රධාන ක්ෂේත්‍රය ලෙස සංචාරක කර්මාන්තය යොදාගත යුතු බව සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේ  ඊයේ (13) පැවති සාකච්ඡාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.

සංචාරක කර්මාන්තයේ හඳුනාගත් ගැටලු සහ එහි ප්‍රවර්ධනයට ගත යුතු තිරණ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණි.

මේ අනුව, සංචාරකයන්ට සැපයෙන පහසුකම් සහ සංචාරක ආකර්ශණයට ලක් වූ ස්ථාන වැඩිදියුණු කිරීම, ශ්‍රී ලංකාවට සුවිශේෂ සහ අනන්‍ය වූ ක්ෂේත්‍ර ප්‍රවර්ධනය, ශ්‍රී ලාංකිය ප්‍රතිරූපය ඉහළ නැංවීමට තානාපතිවරුන් මගින් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ශ්‍රී ලංකන් ඇතුලු ගුවන් සේවා ගුණාත්මක සේවා ලෙසත්, ඝෘජු ගුවන් සේවා ස්ථාපනය කිරීමෙනුත් දියුණු කරමින් ආයතන 04 ක් ලෙස ක්‍රියාත්මක සංචාරක මණ්ඩලය මනා සම්බන්ධීකරණයකින් වැඩ කිරීමේ වැදගත්කමත් පිළිබඳව ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබේ.

සංචාරක පොලීසිය යළි ක්‍රියාත්මක කිරීමට සහ ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් නීති රීතිවල සිදුකළ යුතු වෙනස්කම් පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.

Related posts

EPF පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

හිටපු මන්ත්‍රී රාජිතගේ ඇප අයදුම්පත මහේස්ත්‍රාත් අධිකරණයට

Mohamed Dilsad

සායින්දමරුදු ප්‍රදේශයට නව නගර සභාවක් [GAZETTE]

Mohamed Dilsad

Leave a Comment