දේශීය

අගමැති චීන විදෙස් ඇමති හමුවෙයි

(UTV | කොළඹ) – චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී මහතා ඊයේ (14) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.

මොහු දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඇත.

මෙහිදී ආර්ථික හා දේශපාලනික යන දෙඅංශයෙන්ම රටවල් දෙකට වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා කළ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

අග්‍රාමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කර සිටියේ යටිතල පහසුකම් සංවර්ධනය, අධ්‍යාපනය, තොරතුරු තාක්‍ෂණය සහ බලශක්තිය ආදී ක්ෂේත්‍ර පිළිබඳ ආර්ථික සහයෝගිතාවය සාකච්ඡාවට බඳුන් වූ ප්‍රධාන අංශ වූ බවයි.

Related posts

අභියාචනා සලකා බැලීමෙන් අනතුරුව තවත් 10,000 ක් රාජ්‍ය සේවයට

Mohamed Dilsad

විදුලි බිල සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක්

Mohamed Dilsad

අනුරකුමාර ජනපති කොමිසමට

Mohamed Dilsad

Leave a Comment