දේශීයප්‍රමුඛ පුවත 1

අඩු අදායම් ලාභී පවුල් වෙනුවෙන් සහන රැසක්

(UTV| කොළඹ)  – අඩු ආදායම්ලාභී ජනතාවට අඩු මිලට අත්‍යාවශ්‍ය ආහාර සැපයීමේ ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් ලබා දී තිබේ.

මේ යටතේ සෑම හිමිකම් ලාභියෙකුටම ආහාර මිලදී ගැනීමට විශේෂ ඉලෙක්ට්‍රොනික කාඩ්පතක් නිකුත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ඒ අනුව සීනි, තේ, හාල්, පිටි, පරිප්පු, කඩල, ලූණු, මිරිස්, කරවල, අල සහ කිරිපිටි ඇතුලූ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සහන මිලකට ලබාදීම මෙමඟින් අපේක්ෂා කෙරේ.

තවද ග්‍රාමීය වතු සහ නාගරික ප්‍රදේශවල ගෘහ ඒකක එක්ලක්ෂ 50,000 ක් සඳහා පානීය ජලය ලබාදීමටත්, ග්‍රාමීය මාර්ග කිලෝමීටර ලක්ෂයක් සංවර්ධනය කිරීමටත් අපේක්ෂා කෙරෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

Related posts

වැලිගම වෙඩ් තැබීමේ සිද්ධියේ, සැකකාර කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණයට බාර වෙයි.

Editor O

අල්ලස හා දූෂණය තුරන් කිරීම උදෙසා ජාතික කි‍්‍රයාකාරී සැලැස්මක්

Mohamed Dilsad

අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

Mohamed Dilsad

Leave a Comment