විදෙස්

ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය සෙනෙට් මණ්ඩලයට

(UTV | ඇමරිකාව) –  ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඉදිරිපත් වී ඇති දෝෂාභියෝගය සෙනෙට් මණ්ඩලයේදී අද (16) සළකා බැලීමට නියමිතය.

කලින් වතාවේදී එය නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජයට පත්වූයේ වැඩි ඡන්දයෙන්.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ , සෙනෙට් මණ්ඩලයේ බලය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයට හිමි නිසා මෙවර දෝෂාභියෝගය පරාජයට පත්වනු ඇති බවයි.

ට‍්‍රම්ප්ට එරෙහිව මෙම දෝෂාභියෝගය ගෙන ආවේ කොංග‍්‍රස් මණ්ඩලයේ කතානායක මෙන්ම ප‍්‍රබල ඩිමොක‍්‍රටික් පාක්ෂිකා නැන්සි පෙලෝසි විසින්.

සිය බලතල අනිසි ලෙස භාවිත කිරීම හා කොංග‍්‍රස් මණ්ඩලයේ කටයුතු සඳහා බාධා කිරීම සම්බන්ධයෙන් දෝෂාභියෝගය හරහා ජනාධිපති ට‍්‍රම්ප් වෙත චෝදනා එල්ල වෙයි.

Related posts

වෛද්‍යවරුන් ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් කළු ජාතික වෛද්‍යවරිය ජීවිතක්ෂයට

Mohamed Dilsad

ඇමරිකානු ඩොලර් බිලියන 60ක බදු පැනවීමට චීනය සුදානම්

Mohamed Dilsad

දිල්ලි සංචරණ සීමා නීතිය තවත් සතියකින් දීර්ඝ කරයි

Mohamed Dilsad

Leave a Comment