දේශීය

ලබන සෙනසුරාදා කොළඹ ප්‍රදේශ කීපයකට ජල කප්පාදුවක්

(UTV | කොළඹ) – ලබන සෙනසුරාදා පෙරවරු 9.00 සිට පැය 22 ක කාලයක් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටවනු ලැබේ. 

අඹතලේ ජල පවිත්‍රාගාරයේ වාර්ෂික නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටවන අතර ඊට කොළඹ , දෙහිවල-ගල්කිස්ස , කෝට්ටේ සහ කඩුවෙල වන නගර සභා බල ප්‍රදේශ අයත්.

රත්මලාන සහ සොයිසාපුර මහල් නිවාස සඳහාද මෙම ජල කප්පාදුව බලාත්මක වනු ඇත.

මහරගම , බොරලැස්ගමුව , කොළොන්නාව යන නගර සභා බල ප්‍රදේශවලටද කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයටද සෙනසුරාදා පෙරවරු 9.00 සිට ඉරිදා පෙරවරු 7.00 දක්වා ජලය සැපයීම අඩාල වනු ඇත.

Related posts

බේකරිවලින් 50% ක් හෙට යළි වැඩ අරඹයි

Mohamed Dilsad

රත්තොටදී සමෘද්ධි නිලධාරියාට පහරදුන් පිරිස රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

නාපානේ පේමසිරි මහා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය නිමිත්තෙන් හෙට රථවාහන සැලැස්මක් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment