දේශීය

මෙරට ඉන්දීය මහකොමසාරිස් තනතුරෙහි වෙනසක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තනතුරෙහි වෙනසක් ඉදිරියේදී සිදුවිය හැකි බව ඉන්දීය මාධ්‍ය අද (16) වාර්තා කර තිබේ.

ඒ අනුව ඉන්දීය අගමැති කාර්යාලයේ සම ලේකම්වරයෙකු ලෙස කටයුතු කරන ගෝපාල් බග්ලි දැනට මහකොමසාරිස් ධුරය දරන තරංජිත් සිං සන්දු වෙනුවට පත් කිරීමට නියමිත බව වාර්තා වේ.

තරංජිත් සිං සන්දු ඇමරිකාවේ ඉන්දීය තානාපතිවරයා ලෙස පත් කිරීමට සැලසුම් කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

මීට පෙර ගෝපාල් බග්ලි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ද කටයුතු කර තිබේ.

Related posts

හෙට දිනය ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කෙරේ

Mohamed Dilsad

PUCSL පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

ගම්පහ, කළුතර සහ යාපනයේ ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

Mohamed Dilsad

Leave a Comment