දේශීය

මහේස්ත්‍රාත් ධම්මික හේමපාලගේ සේවය අත්හිටුවයි

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සමග දුරකථන සංවාදවල නිරත වූ බද්දේගම මහේස්ත්‍රාත් ධම්මික හේමපාලගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කර ඇති බව අධිකරණ සේවා කොමිෂන් සභාව පවසයි.

ධම්මික හේමපාල මහතාගේ වැඩ තහනම් කිරීමෙන් පුරප්පාඩු වු බද්දේගම මහේස්ත්‍රාත් ධුරයේ වැඩ බැලීම සඳහා හලාවත අතිරේක මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ මහතා පත් කර තිබේ.

එමෙන්ම මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා සම්බන්ධයෙන් ද අවශ්‍ය නිර්දේශ ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බව අධිකරණ සේවා කොමිෂන් සභාව සඳහන් කළේය.

Related posts

ඉන්දීය විදේශ කටයුතු ඇමති දිවයිනට

Mohamed Dilsad

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

Mohamed Dilsad

උත්සව සමයේ සෞඛ්‍ය පුරුදු ගැන අවදානය දෙන්න

Mohamed Dilsad

Leave a Comment