දේශීයප්‍රමුඛ පුවත 1

කහටගස්දිගිලියේ අනතුරට වනජීවී ඇමතිගේ රියදුරෙකු අත්අඩංගුවට

(UTV | අනුරාධපුරය) – කහටගහස්දිගිලිය පොලිස් වසමේ පුත්තලම ත්‍රීකුණාමලය මාර්ගයේ රන්පත්විල ප්‍රදේශයේ සිදු වු රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

කාන්තාවක හා දැරියක බරපතළ තුවාල ලබා අනුරාධපුර රෝහලට මාරු කර යවා තිබේ.

ඊයේ(16) රාත්‍රී 7.35 ට පමණ මෙම අනතුර සිදුව ඇත.

ඉඩම්, පරිසර, වනජීවි අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා ගමන් කල සුඛෝපභෝගී නිල රථයේ ගැටී මෙම අනතුර සිදුව ඇති බවද වාර්තා වේ.

අනුරාධපුර දෙසට ධාවනය වු ජිප් රථයේ ඉදිරියෙන් පැමිණි යතුරු පැදිය මුහුණට මුහුණ ගැටී තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබු යතුරු පැදිකරු, පසු පැදිකාරිය හා දැරියක් කහටගස්දිගිලිය රෝහලට ඇතුළත් ඇත.

ඉන් අනතුරුව පැදිකරු මියගොස් තිබේ.

තුවාලකාරිය හා දැරිය මේ වන විට වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇත.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 35 ක් වු කහටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචි සිවිල් ආරක්ෂක නිලධාරියෙකි.

අනතුර සම්බන්ධයෙන් ජීප් රථ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහුද පොලිස් ආරක්ෂාව යටතේ අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබයි.

කහටගස්දිගිලිය පොලීසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

Related posts

මගී ප්‍රවාහන බස් සඳහා AI

Editor O

ආනයනික කිරිපිටි මිල ඉහළට

Mohamed Dilsad

තව්හීත් ජමාත් නායක සහරාන් සමඟ ඡායාරූප ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

Leave a Comment