ප්‍රමුඛ පුවත 1

සෞදි පොදු සමා කාළය තුළ ශ්‍රී ලාංකිකයින් 2000ක් භාරවෙයි

(උදයම්,සෞදි අරාබිය )   –   සෞදි අරාබි රජයේ පොදු සමා කාලය තුළ එරට නීතිවිරෝධී ආකාරයට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 2000 කට වැඩි පිරිසක් භාරවී ඇති බව සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

මෙලෙස භාරවූවන් අතුරෙන් සියයට 60 කට වැඩි පිරිසක් කාන්තාවන් වේ.මෙලෙස භාරවූ පිරිසෙන් බහුතරයක් මේ වනවිට ශ්‍රී ලංකාවට පිටත් කර හැර ඇති බව සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මෙම පොදු සමාකාලය පසුගිය මාර්තු 29 වනදා සිට දින 90 ක කාලයක් බල පැවැත්වේ.

මෙම වැඩපිලිවෙළ යටතේ භාරවන පිරිස් කිසිදු දඩමුදලකට යටත් විමකින් තොරව යළි  ශ්‍රී ලංකාවට පිටත් කර යැවීමට තනාපති අංශය පියවර ගෙන තිබේ.

මේ වෙනුවෙන්  සෞදියේ රියාද් සහ යෙස්දා නුවරවල ශ්‍රී ලංකා තානාපති කාර්යාල පවතින අතර ඩමාම් නුවර ජංගම සේවා සැසියක් ද කිරියාත්මක කරනු ලබයි.

Related posts

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පත් කෙරේ

Mohamed Dilsad

රත්‍රන් තොගයක් සමඟ ගුවන් සෙබලෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment