දේශීය

යසන්ත කෝදාගොඩ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයට

(UTV | කොළඹ) – අභියාචනාධිකරණ සභාපති විනිසුරු ජනාධිපති නීතිඥ යසන්ත කෝඳාගොඩ මහතාව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයට නිර්දේශ කර තිබේ.

ඒ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ ප්‍රසන්න ජයවර්ධනගේ අභාවයෙන් පසු හිස් වූ ධුරය සඳහා වේ.

ආරංචි මාර්ග සඳහන් කළේ ජනාධිපතිවරයාගේ එම නිර්දේශය කථානායකවරයා වෙත යොමු කර ඇති බවයි.

ඒ අනුව ජනාධිපතිවරයාගේ නිර්දේශය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සඳහා කථානායකවරයා වෙත යොමු කිරීමට නියමිතයි.

පසුගිය දෙසැම්බර් 24 වන දා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ ප්‍රසන්න ජයවර්ධන  අභාවප්‍රාප්ත විය.

 

Related posts

ආදායම් වියදම් වාර්තා නොදුන් පළාත් පාලන අපේක්ෂකයින් 2433 දෙනෙකුට නඩු….?

Editor O

මේක ශ්‍රී ගෞතම බුද්ධ මන්දිරයක් – ජානක සේනාධිපති

Mohamed Dilsad

මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අලුත්ම නිවේදනය

Mohamed Dilsad

Leave a Comment