දේශීයප්‍රමුඛ පුවත 1

ගිනි අවියක් ක්‍රියාත්මකවී හිමි නමක අපවත් වෙති

(UTV |ගාල්ල) – පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවිය අත්වැරදීමකින් ක්‍රියාත්මක වීමෙන් තුවාල ලැබූ හිමිනමක් අපවත්වී තිබේ.

හුංගම ප්‍රදේශයේ දෙපිසක් අතර ඇතිවූ පොර බැදීමකදී මෙලෙස පොලිස් නිලධාරියාගේ ගිනි අවිය ක්‍රියාත්මක වී ඇත.

මුර සංචාරයේ නිරත පොලිස් නිලධාරීන් දෙදෙනෙකු යතුරුපැදියකින් ගමන් ගත් පුද්ගලයෙකුට එය නතර කරන ලෙස සංඥා කළද ඔහු එය නොනවත්වා ධාවනය කර ඇති බව පොලිසිය පවසයි.

පසුව පොලිස් නිලධාරීන් ඔහු ලුහුබැඳ ගොස් අදාළ පුද්ගලයා සමඟ පොරබැදීමක් සිදු කර ඇත.

එම අවස්ථාවේ පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවිය ක්‍රියාත්මක වී ඒ අසළින් ගමන් කරමින් තිබූ වෑන් රථයක සිටි හිමි නමට හිමිනමට වෙඩි වැදී තිබේ.

තුවාල ලැබූ 21 හැවිරිදි හිමිනම රෝහල් ගතකරන විටත් අපවත්වී සිටි බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් හුංගම පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

Related posts

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් චක්‍රලේඛයක් [RELEASE]

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය ජාවටමට සම්බන්ධ සුරාබදු පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

විදෙස් මුදල් තොගයක් සමග ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment