ගොසිප්

මගීන්ට මුත්‍රා ඉස ශ්‍රී ලාංකික කත රිමාන්ඩ්

(UTV |ඊශ්‍රායලය) – ඊශ්‍රායලයේ බෙන්ගුරියන් ගුවන්තොටුපළේදී  ශ්‍රී ලාංකික කාන්තාවක්‌ අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කෝප්පයක තිබූ සිය මුත්‍රා ගුවන් යානයේ අසුන්ගෙන සිටි මගීන්ට ඉසීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙනි.

ව්‍යාජ වීසා බලපත්‍රයක්‌ මත ඊශ්‍රායලයට පැමිණ ඇති මෙම කාන්තාව රටින් පිටුවහල් කිරීම සඳහා ගුවන් යානාවට ගෙන ගොස්‌ ඇත.

එම අවස්තාවේදී ඇය මෙලෙස හැසිරී ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඇය තමාට වැසිකිළියට යාමට අවශ්‍ය බව පැවසීම නිසා පොලිස්‌ භටයන් දෙදෙනා ඇගේ මාංචු ගලවා ඇත.

පසුව වැසිකිළියට ගොස් ඇය සිය මුත්‍රා කෝප්පයකට රැගෙනවිත් මගීන්ට ඉස තිබේ.

ඒ අනුව අදාල ශ්‍රීලාංකික කාන්තාව බන්ධනාගාර ගත කර ඇති බවයි වාර්තා වේ.

Related posts

බස් වර්ජනයකට සැරසෙයි

Mohamed Dilsad

හිටපු ජනපතිට නඩු පැවරීමට සූදානමක්

Mohamed Dilsad

රිවර්සටන් ගිය ඇමති දියණිය කූඩැල්ලන් කා රෝහලේ

Mohamed Dilsad

Leave a Comment