දේශීයප්‍රමුඛ පුවත 1

හුංගම රිය අනතුරින් තුවාල ලැබූ 20 ක් තවමත් රෝහලේ

(UTV |හුංගම) –  හුංගම, බටඅත ප්‍රදේශයේදී බස්රථයක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරින් සිව්දෙනෙකු මිය ගිය අතර , තුවාල ලැබූ 20 දෙනෙක් තංගල්ල මූලික රෝහලේ මේ වන විටත් ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිසිය ප්‍රකාශ කරයි.

ටිපර් රථයේ රියදුරු,බස් රථයේ ගමන්ගත් පිරිමි පුද්ගලයින් 07 දෙනෙකු , කාන්තාවන් 07 දෙනෙකු හා ළමුන් 05 දෙනෙකු ඇතුළු 20 දෙනෙකු අනතුරින් තුවාල ලැබීය.

අනතුරින් මියගිය අයගේ මෘතදේහ තංගල්ල මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ මේ වන විට තැන්පත් කර තිබේ.

හුංගම පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

Related posts

පීඩන අවපාතයක් පිළිබඳ කාලගුණ නිවේදනයක්

Mohamed Dilsad

නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කරයි

Mohamed Dilsad

දළ පූට්ටුවාගේ මරණය – දැඩි දඬුවම් හා නීති සංශෝධනය කළ යුතුයි

Mohamed Dilsad

Leave a Comment