දේශීය

සෑම අමාත්‍යාංශයක් සඳහාම වෘත්තීය සමිති ලේකම්වරයෙක්

(UTV | කොළඹ) – රජය විසින් සෑම අමාත්‍යාංශයටම වෘත්තීය සමිති හා සේවක සබඳතා සඳහා සහකාර ලේකම්වරයෙකු බැගින් පත් කිරීමට තීරණය කර තිබේ.

ඒ සඳහා යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය හමුවට ද ඉදිරිපත් වී ඇති අතර ඊට අනුමැතිය ද හිමිව ඇති බවයි වාර්තා වේ.

මෙම නව තනතුර තුළින් කාර්ය මණ්ඩල නියෝජිතයන් පරිපාලන කටයුතු සඳහා සහභාගි කර ගැනීමට සහ අමාත්‍යාංශ යටතේ ඇති ආයතනවල වෘත්තීය සමිති සම්බන්ධීකරණ කටයුතු විධිමත් කර ගැනීම අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නොවන තනතුරක් ලෙස එය ස්ථාපිත කර ඇත.

Related posts

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තැනින් තැන වැසි

Mohamed Dilsad

කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 12 දෙනා යළි රිමාන්ඩ්

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 166ක් දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment